කිලාලි කළපුවේ නීති විරෝධී ලෙස වැලි කැනීම් කරමින් සිටි පිරිසක් හා නාවික හමුදාවේ පිරිසක් අතර පෙරේදා (02) රාත්‍රී කාලයේ ඇතිවුණු යම් නොසන්සුන් තත්ත්වයක් හමුවේ සිදුවූ වෙඩි පත්තුවීමකින් එක් අයකු තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කර ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ කිලාලි එළුමට්ටුවාල්හී පදිංචිකරුවකු වන කේ. පිරනවාවව් නමැති 24 හැවිරිදි තරුණයෙකි.
ඔහුගේ දකුණු අල්ලට වෙඩි වැදී ඇති බව පොලිසිය කියයි.
මෙම තරුණයා තවත් කිහිප දෙනකු සමඟ ජේ.සී.බී. යන්ත්‍රයකින් නීති විරෝධී ලෙස වැලි කැණීම් කරමින් සිට ඇති බව පලෙයි පොලිසිය කියයි. එම ස්ථානයට නාවික හමුදාවේ කණ්ඩායමක් ගොස් ඇති බවත් එහිදී ඇතිවුණු යම් සිදුවීමක් මුල්කරගෙන වෙඩි වැදීම සිදුව තිබෙන බවත් පොලිසිය කියයි.