Home » මාධ්‍ය ප්‍රධානියෙක් හා මාධ්‍යවේදියෙක් සාක්කි දෙති
ආගම් භේද ඇති කරන ප්‍රකාශ පිළිබඳ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහි නඩුව:

මාධ්‍ය ප්‍රධානියෙක් හා මාධ්‍යවේදියෙක් සාක්කි දෙති

by mahesh
August 4, 2023 1:00 am 0 comment

රෝෂන් තුෂාර

මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් ජාතීන් අතර ආගමික සංහිඳියාව බිඳීයන ආකාරයේ ප්‍රකාශයක් කළේ යැයි අධි චෝදනා ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහි නඩුව නොවැම්බර් 10 යළි විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය ඊයේ (03) දින නියම කළේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ ඊයේ විභාගයට ගත් අතර අදාළ ප්‍රකාශය වාර්තා කිරීමට ගිය විදත් මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සහ ප්‍රාදේශීය මාධ්‍යවේදියා අධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.

එම නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම් කර ඇති හිටපු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතා අසනීප තත්ත්වයේ පසුවන බැවින් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටින බව දන්වා සිටියේය.

2016 මාර්තු 30 දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්මින් කළ ප්‍රකාශවලට එරෙහිව අසාද් සාලි මහතා කළ පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව අධි චෝදනා දෙකක් යටතේ පවරා ඇත. නඩුවේ තෙවැනි සාක්ෂිකරුගේ සාක්ෂිය ඊළඟ දිනයේ දී විමසන ලෙසට විනිසුරුවරයා දන්වා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT