පොළොන්නරුව දිඹුලාගල පැළෑටියාව වැවේ 03 වෙනිදා සවස මසුන් අල්ලමින් සිටි ධීවරයකුට දුර්ලභ රන්වන් කහ පැහැති, අඩි දෙකහමාරක් පමණ දිග ආඳෙක් හමුවී ඇත. දෛනිකව ධීවර කටයුතු කරන පැළෑටියාව ගම්මානයේ එච්.එම්. විමලරත්න මහතාට එම ආඳා හමුවී ඇති අතර පසුව එම ආඳා ඔහු පැලැටියාව ගම්මානයේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සේවය කරන ආර්.එම්.යූ.කේ. බණ්ඩාර මහතාට ලබාදී තිබේ. එම් දුර්ලභ රන්වන් කහ පැහැති ආඳා දැකබලාගැනීමට ගම්මානයේ බොහෝ දෙනා පැමිණෙන බවද වාර්තාවේ.
මීට පෙර මෙවැනි දුර්ලභ, රන්වන් කහ පැහැති ආඳකු හමුවී ඇත්තේ මීට වසර හතරකට ඉහතදී අනුරාධපුර නාච්චාදූව වැවේ මසුන් අල්ලන එම්. එම්. ෆාරුක් යන ධීවයකුටය. මෙවැනි දුර්ලභ, රන්පැහැති ආඳකු මීට පෙර කිසිදා නො දුටු බවද එම ප්‍රදේශයේ ධීවරයෝ සඳහන් කළහ.