Tuesday, May 6, 2025
Home » මෙනුල්ගේ පිහිටට ආ මනුසත් ගුණ පිරි වෛද්‍යවරයා

මෙනුල්ගේ පිහිටට ආ මනුසත් ගුණ පිරි වෛද්‍යවරයා

by mahesh
August 4, 2023 12:51 am 0 comment

අසේල කුරුළුවංශ

අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර සඳහා රැගෙන ආ දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට පෞද්ගලික චැනල් සේවය නතර කර තමන්ගේ වාහනයෙන් දරුවා රෝහලට රැගෙන ගිය මනුෂ්‍යත්වයෙන් පිරිපුන් විශේෂඥ වෛද්‍යවරයකු පිළිබඳ පුවතක් පේරාදෙණියෙන් වාර්තා වෙයි.

පෙරේදා (02) රාත්‍රී 8.00ට පමණ පෞද්ගලික චැනල් සේවයේ නියුතුව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය පැතුම් දිසානායක මහතා තමන්ගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි දරුවකු මෙලෙස කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබෙන්නේ වෛද්‍යවරයකු සතු විය යුතු උතුම් ගුණාංග පෙන්වමිනි. මෙලෙස රෝහලට දරුවා ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ද මේ වෛද්‍යවරයා විසින්ම දී ඇතත් අවාසනාවකට දරුවාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත. වයස අවුරුද්දයි මාස 09ක් වන මෙනුල් මහකුමාරගේ නමැති තම දරුවාගේ මරණ පරීක්ෂණය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා හමුවේ ඊයේ (03) පැවැත්විණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT