Saturday, May 10, 2025
Home » හතර දෙනකුට මරු කැඳවූ තඹුත්තේගම මාරක රිය අනතුර

හතර දෙනකුට මරු කැඳවූ තඹුත්තේගම මාරක රිය අනතුර

by yasara
August 4, 2023 10:11 am 0 comment

අනුරාධපුර පාදෙනිය මාර්ගයේ ඒරියගම ප්‍රදේශයේදී අද (04) අලුයම මුස්ලිම් ජාතිකයන් රැගත් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් රිය අනතුරකට භාජන වී තිබේ.

මෙම අනතුර සිදුවී තිබෙන්නේ තඹුත්තේගම පොලිස් වසමේ ඒරියා ගම ප්‍රදේශයේ ලොරි රථයේ රියදුරු ලොරිය නවතා තිබෙන අවස්ථාවේ දී බව මූලික පොලිස් පරීක්ෂණ වලදී සොයාගෙන තිබේ .

මෙසේ රිය අනතුර ලක්ව ඇත්තේ තම ඥාතීන්ගේ පාස්පෝට් සෑදීම සඳහා එම ආයතනයට ගොස් නිවස කරා එමින් සිටි මුස්ලිම් ජාතිකයන් අට දෙනෙක් රැගත් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයකි.

මෙම අනතුරින් හතර දෙනකු දෙනෙකු ජීවිතක්ෂයට පත්වී කුඩා ළමයින් තුන් දෙනෙකු සහ වැඩිහිටි කාන්තාවක් රෝහල් ගත කර තිබේ.

එදින පාන්දර සිදුවු රිය අනතුරින් තුවාල ලැබූ සියලු දෙනා ප්‍රදේශවාසීන්ගේ සහායෙන් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. එක් තුවාල කරුවෙකුට අසාධ්‍ය බැවින් ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසී සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

කුඩා ළමුන් තිදෙනා තඹුත්තේගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.තුවාලකරුවන් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කරන විටත් හතර දෙනෙකු මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මියගිය අය කහටගස්දිගිලියේ පදිංචි මව්ලානා සෙයියදු අබුලුහක් 46,ජේනුඅහබ්දින් චාපා 36,සියදු අහමඩ් මව්ලානා අබ්දා 43,අබ්දුල් රහුමාන් මොහොමඩ් නසීන් 36 කිරලාගල පාර කහටගස්දිගිලිය යන ලිපිනයේ පදිංචි එකම පවුලේ අයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT