Sunday, May 11, 2025
Home » අඩු වියදම් ගුවන් ගමන් සේවාව ඇරඹීමට මෙහෙයුම් සහතිකය පිරිනැමෙයි

අඩු වියදම් ගුවන් ගමන් සේවාව ඇරඹීමට මෙහෙයුම් සහතිකය පිරිනැමෙයි

by yasara
August 4, 2023 11:08 am 0 comment

ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපොළ අතර නිශ්චිත ගුවන් ගමන් කාලසටහනකට (Schedule Flights ) අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එයා ඒෂියා – අබුඩාබි ( Air Asia Abu Dhabi ) ගුවන් සේවා සමාගමට , විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනැමීම ඊයේ (03) කටුනායක දී සිදු කර තිබේ .

ඒ සදහා මෙම ගුවන් සේවා සමාගම සතු ගුවන් මගීන්ගේ සුරක්ෂිතභාවය , ආරක්ෂාව , කාර්යක්ෂම ගුවන් මෙහෙයුම් පවත්වා ගෙන යාම සදහා එම ගුවන් සමාගම සතු සංවිධානාත්මක ව්‍යුහය සහ වැඩපිළිවෙළ පිළිබඳව ඉහළ අවධානයට ලක් කර ඇති අතර ඒ සදහා ගුවන් සේවා සමාගම සතු භෞතික සම්පත් , නිසි පුහුණුව , සුදුසුකම් සහ අත්දැකීම් ලත් කාර්යය මණ්ඩලය , ගුවන් මෙහෙයුම් සදහා අවශ්‍ය උපාංග හා වෙනත් සේවා සැපයීමේ තාක්ෂණික හා භෞතික හැකියාව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් යානා භූමි මෙහෙයුම් අංශයේ සිවිල් ගුවන් සේවා පරීක්ෂකවරුන් සිය අවධානය යොමු කර තිබුණි .

මෙම ගුවන් සේවා සමාගම එළඹෙන සැප්තැම්බර් මස මැද භාගයේ සිට සිය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය .

කටුනායක ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ.ජයකාන්ත , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( ගුවන් සුරක්ෂිතතා සහ රෙගුලාසි ) සමන් ගුණවර්ධන සහ එයාර් ඒෂියා අබුඩාබි ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් ප්‍රධානී චතුර කොළඹගේ සහ එම ගුවන් සේවා සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත සහ වානිජ කළමනාකරු ශීබින් නසීම් යන මහත්වරුන් සහභාගී වී සිටියහ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT