Home » ජනතාවට ජාතික මැතිවරණයක් අවශ්‍යයි

ජනතාවට ජාතික මැතිවරණයක් අවශ්‍යයි

by mahesh
August 4, 2023 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

මේ මොහොතේ ජාතික මැතිවරණයක් පවත්වා නව පාලනයක් ඇති කර රට ගොඩනැඟිය යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිත කේ.ඩී. ලාල්කාන්න මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ දිනමිණ සමඟ අදහස් දක්වමිනි.

“මේ වන විට රටේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපේ රටේ දේශපාලනය මුළුමනින්ම පිරිහිලා කඩාවැටී පවතිනවා. ඒ නිසා මේ රටේ දේශපාලනය වෙනස් වෙන්න ඕනෑ. දැන් ජනතාවට ජාතික මැතිවරණයක් අවශ්‍යයි. ප්‍රාදේශීය සභා මැතිවරණයද පවත්වන්න ඕනෑ. අපේ රටේ මැතිවරණ සියල්ල අවශ්‍ය නම් එකටම තියන්නත් පුළුවන්. මැතිවරණ තබන්නේ නැතිව පාලකයො දැන් බලහත්කාරයෙන් බලයේ රැඳී ඉන්න උත්සාහ කරනවා. ජනතාවගේ ජීවන තත්ත්වය දැන් අමාරුයි. ඒ නිසා නව පාලනයක් ඇති කරගන්නම අවශ්‍යයි.‍

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT