Saturday, May 10, 2025
Home » සවුදියේ දුක් විඳ බිරිය එවූ මුදලින් කැසිනෝ කෙළිය සැමියා ජීවිතයෙන් පලායයි

සවුදියේ දුක් විඳ බිරිය එවූ මුදලින් කැසිනෝ කෙළිය සැමියා ජීවිතයෙන් පලායයි

by mahesh
August 4, 2023 1:02 am 0 comment

මුල්ලේරියාව - සිරිසේන ගමගේ

කැසිනෝ සූදුවට දැඩි ලෙස ඇබ්බැහි වූ පුද්ගලයකු ඉන් පැරදි සිත්තැවුලට පත්ව සිය කාමරය තුළ ගෙළ වැලලාගෙන මිය ගිය පුවතක් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ නවගම්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි මුණියන්ඩි සුරේෂ් කුමාර නමැති 43 හැවිරිදි පුද්ගලයකි. මේ සම්බන්ධයෙන් සාක්ෂි දුන් ඔහුගේ මව වන 68 හැවිරිදි කෝවිල්පිල්ලෙයි සෙල්ලම්මා මහත්මිය “මියගිය පුතා රැකියාවක් කළේ නැහැ. එයාගේ බිරිය සවුදියේ රැකියාවක් කරනවා. ලොකු දරුවො තුන් දෙනෙක් ඉන්නවා. පුතා කාලයක පටන් කැසිනෝ සූදුවට ඇබ්බැහි වෙලා හිටියා. බිරිය එවන සල්ලිවලින් සූදු කෙළිනවා. දිගින් දිගටම සූදුවලින් පැරදීම නිසා සිත් තැවුලෙන් හිටියේ. සිද්ධිය වූ දිනයේ මම දරුවා ගේන්න පාසලට ගිහින් එද්දී එයාගේ කාමරයේ එල්ලිලා මියගිහින් හිටියා.”

කොළොන්නාව හදිසි මරණ පරීක්ෂක කංචනා විජේනායක මහත්මිය විසින් මරණ පරීක්ෂණය පවත්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT