Home » පොඩි මත්තා කුඩුත් එක්ක කොටු වෙයි

පොඩි මත්තා කුඩුත් එක්ක කොටු වෙයි

by mahesh
August 4, 2023 1:00 am 0 comment

අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

දර්ගානගරය, නුගගහාලන්ද ප්‍රදේශයේ ‘පොඩි මත්තා‘ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කාර විසි හැවිරිදි පුද්ගලයකු රුපියල් කෝටියක වටිනාකමකින් යුතු හෙරොයින් ග්‍රෑම් 500ක් පල්සර් වර්ගයේ යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී නුගගහලන්ද ප්‍රදේශයේදී ඊයේ (03) කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා ‘වැලිපැන්නෙ ජොසා‘ නමින් හැඳින්වූ, පොලිස් වෙඩි පහරකින් මිය ගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් අතුරින් අයකු බවද පොලිසිය පවසයි.

සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත අතර අනතුරුව වැලිපැන්න පොලිසිය මගින් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT