Thursday, May 8, 2025
Home » ලයිට් බිල් නොගෙවීමෙන් ජා-ඇළ ගල්ලවත්ත ළමා හා මාතෘ සායන අඳුරේ

ලයිට් බිල් නොගෙවීමෙන් ජා-ඇළ ගල්ලවත්ත ළමා හා මාතෘ සායන අඳුරේ

by mahesh
August 4, 2023 12:57 am 0 comment

ජාඇළ විශේෂ - තිස්ස කොටින්කඩුව

ලයිට් බිල් නොගෙවීම නිසා ජාඇළ ප්‍රාදේශීය සභාවට අයත් ගල්ලවත්ත ළමා හා මාතෘ සායන ගොඩනැඟිල්ලේ විදුලිය විසින්ධි කර දැමීමට ලංකා විදුලිබල මණ්ඩලයේ තුඩැල්ල ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය කටයුතු කිරීම නිසා එහි සේවය ලබා ගැනීමට පැමිණෙන විශාල ගැබිනි මවුවරුන් පිරිසක් සහ ළදරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව ප්‍රදේශවාසී ජනතාව පවසා සිටිති.

ලංකා විදුලිබල මණ්ඩලයේ තුඩැල්ල ප්‍රාදේශීය කාර්යාලය සඳහන් කරන්නේ විදුලිය සඳහා වූ රුපියල් 2000ක මුදලක් ගෙවීම දිගින් දිගටම පැහර හැර ඇති නිසා මෙම තීරණය ගත් බවය.

මේ තත්ත්වය නිසා ගල්ලවත්ත, ඒකල, කෘස්වත්ත හා විශාකාවත්ත යන ග්‍රාම නිලධාරි වසම්වල සිට සේවය ලබා ගැනීමට පැමිණෙන 800කට ආසන්න පිරිසක් අපහසුතාවට පත්ව ඇති බව ජාඇළ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කීර්ති චන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. ප්‍රදේශයේ අසරණ මවුවරුන්, ළදරුවන්ට අමතරව අපහසුතාවට පත්ව ඇති පිරිස අතර සෞඛ්‍ය සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන් ද, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ද වන බව පවසන මන්ත්‍රීවරයා අදාළ ගොඩනැඟිල්ලේ ග්‍රාම නිලධාරි සහ සංවර්ධන නිලධාරි කාර්යාලයද පවත්වා ගෙන යන බව ද සඳහන් කරයි.

ජාඇළ ප්‍රාදේශීය සභාවේ ලේකම් ලලිත්. ඩබ්ලිව්.සී.කේ. ධර්මසේන මහතා පවසන්නේ හිඟ මුදල් ගෙවීම අතපසු වීමකින් ප්‍රමාද වී ඇති බවත් කඩිනමින් ගල්ලවත්ත මාතෘ හා ළමා සායන ගොඩනැඟිල්ලේ විදුලි ප්‍රශ්නය යථා තත්ත්වයට පත්කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT