Home » කැබ් එක බසයේ ගැටී ඌව පළාත් සභා මන්ත්‍රීට බරපතළයි

කැබ් එක බසයේ ගැටී ඌව පළාත් සභා මන්ත්‍රීට බරපතළයි

by mahesh
August 4, 2023 12:56 am 0 comment

ඌව වෙල්ලස්ස විශේෂ ඩී.එස්. ගුණතිලක

මොනරාගල-වැල්ලවාය මාර්ගයේ වැල්ලවාය මදුරුකැටිය ප්‍රදේශයේදී පෙරේදා (02) සිදු වූ රිය අනතුරකින් කැබ් රථයක් පැදවූ ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු බරපතළ තුවාල ලබා ඇතැයි මොනරාගල පොලිසිය පැවසීය.

ඔක්කම්පිටිය පදිංචි ඩබ්ලිව්.ඒ. උදය කුමාර නමැති අය ඔහුට අයත් අංක PC 4238 දරන කැබ් රථයෙන් ඔක්කම්පිටිය දෙස සිට මොනරාගලට යමින් සිටියදී මොනරාගල නගරයේ සිට කතරගමට ධාවනය වෙමින් තිබූ කතරගම ඩිපෝවට අයත් UPNB 8276 දරන ලංගම බස්රථයේ මුහුණට මුහුණලා ගැටී අනතුර සිදුව තිබේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කැබ් රියැදුරු වන හිටපු ඌව පළාත් සභා මන්ත්‍රීවරයා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. කැබ් රියැදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇතැයි මොනරාගල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ජානක රත්නසිරි මහතා පැවසීය. උප පොලිස් පරීක්ෂක නාමල් මහතා පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT