දිරිය කාන්තාවක් ලෙස පවුලේ ආර්ථිකයට ඉමහත් ශක්තියක් වූ තම මෑණියන් හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් නිසා මියයෑමත් සමඟ ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්ව සිටින ඉගෙනුම ලබන දිරිය දියණියක් සහ ආබාධිත පියෙකු පිළිසරණක් පතා ඔබේ සහාය පතයි.
ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දියමුල්ල නමැති ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි ඩබ්ලිව්.වී. රූපසේන සහ ඔහුගේ බිරිය වන 58 හැවිරිදි ඒ.වී. රමණි සහ පවුලේ එකම දරුවා වන ඩබ්ලිව්.වී. බිනරි පබසරා දියණියත් පවුලේ සාමාජිකයෝ ලෙස ජීවත් වෙති.
ඩබ්ලිව්.වී. රූපසේන මහතා මුල් කාලයේදී පෞද්ගලික බස් රථ රියැදුරකු ලෙස කටයුතු කර සිටියදී හඳුනා නොගත් අසනීප තත්ත්වයක් නිසා එම රැකියාවෙන් ඉවත් වී තිබේ. ඔහු වසර 15ක පමණ සිට පූර්ණකාලීන ආබාධිතයකු ලෙස ජීවත් වෙයි.
ඔහුගේ බිරිය වන ඒ.වී.රමණි මහත්මිය විවිධ කුලී රැකියාවන්වල නිරත වෙමින් උපයා ගන්නා මුදලින් පවුලේ සාමාජිකයන් ජීවත් වූ බව රූපසේන මහතා පවසා සිටී.
රමණි මහත්මියගේ මව වන ඒ.වී. කුසුමාවතී (82 ) මහත්මිය ද මොවුන් සමඟ ජීවත් වෙයි.
මෙම පවුලේ එකම දරුවා වු ඩබ්ලිව්.වී.බිනරි පබසරා ඉමදුව බටේමුල්ල ජාතික පාසලේ 9 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබයි. නමුත් සිය මෑණියන් අහිමි වීමත් සමඟ ඔවුන්ගේ ආර්ථිකය බිඳ වැටී අර්බුද රැසකට මේ වන විට ඔවුහු මුහුණ පා සිටිති. රජයේ කිසිදු ආධාරයක් උපකාරයක් නොලැබෙන නිසාත් ජීවත්වීමට පිළිසරණක් වෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.