පොලිසියෙන් බව පවසමින් මත්ද්‍රව්‍ය ළඟ ඇතැයි කියා කලිසම ගලවා පාසල් සිසුවෙකු පරීක්ෂා කරමින් මුදල් ඉල්ලූ බව කියන මත්ලෝලියෙකු බියගම පොලිසිය මඟින් පෙරේදා (02) දහවල් බියගම, සියඹලාපේ හන්දියේ ශරීර සුවතා ව්‍යායාම මංතීරුව අසලදී අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සමඟම මොහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් තුනක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර, ඒ අවස්ථාවේ මොහු සමඟ සිටි මොහුගේ සගයෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සිසුවා උපකාර පන්ති ගොස් එමින් සිටියදී මේ සිද්ධියට මුහුණ පා ඇත.
මේ මත්ලෝලියා හා සගයා සියඹලාපේවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 හා 26 වන වියේ පසුවන්නන් වන අතර, පාසල් සිසුවා 16 හැවිරිදි වියේ පසුවෙයි.
අත්අඩංගුවට ගන්නා ලද මත්ලෝලියා හා සගයා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ගෙන යයි.