Home » ලොක්කා රට ගිය අතරේ පරණම සේවකයා ලක්ෂ 50ක යන්ත්‍රෝපකරණ විකුණලා

ලොක්කා රට ගිය අතරේ පරණම සේවකයා ලක්ෂ 50ක යන්ත්‍රෝපකරණ විකුණලා

by mahesh
August 4, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

පෞද්ගලික ඉදිකිරීම් සමාගමක හිමිකරු විදේශගත වූ අවස්ථාවේ දී රුපියල් ලක්ෂ 50ක් පමණ වටිනා යන්ත්‍රෝපකරණ විවිධ පුද්ගලයන්ට විකුණා සොරු ගෙන ගොස් ඇති බව කියූ එම සමාගමේ වසර 25ක පමණ කාලයක් සේවය කළ හිමිකරුගේ විශ්වාසවන්තම සේවකයා අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි.

එම සැකකරු එලෙස විකුණා තිබූ වායු පීඩන යන්ත්‍රයක්, පෑස්සුම් යන්ත්‍රයක්, මහල් නිවාසවලට බඩු එහා මෙහා ගෙන යන යන්ත්‍රයක්, පොළොව තැළීමට යොදා ගන්නා යන්ත්‍රයක්, ඔක්සිජන් ගෑස් කටර් එකක්, සිලින්ඩර දෙකක්, රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා ඇලුමිනියම් පටි තොගයක් පොලිසිය මඟින් සොයා ගෙන ඇත.

මොරගහහේන කිතුලකන්ද ප්‍රදේශයේ ඉදිකිරීම් සමාගමක වසර 25කට පමණ ආසන්න කාලයක් සේවය කළ සේවකයාට යන්ත්‍රෝපකරණ ගබඩා කර තිබෙන නිවස භාර දී හිමිකරු දරුවන් බැලීම සඳහා ඔස්ට්‍රේලියාවට ගිය අවස්ථාවේදී සැකකරු මෙම සොරකම සිදු කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT