Saturday, May 10, 2025
Home » කුඩ්ඩා සොරකම් කළ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි පිළිබඳ වමාරයි

කුඩ්ඩා සොරකම් කළ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි පිළිබඳ වමාරයි

by mahesh
August 4, 2023 1:00 am 0 comment

සමීර අබේසිංහ නුගේගොඩ සමූහ බිමල් ජයසිංහ බණ්ඩාරගම

මත්කුඩු සම්බන්ධයෙන් සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරු සොරකම් කර තිබූ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි පිළිබඳ වමාරා ඇත.

මිරිහාන පොලිස් වසමේ උඩහමුල්ල දුම්රියපොළ ආසන්න ප්‍රදේශයේ පුද්ගලයෙකු මත්කුඩු බෙදා හරිමින් සිටින බවට නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මත (03) දින උදෑසන අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී රුපියල් ලක්ෂ විස්සකට ආසන්න ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සොරකම් රැසක් පිළිබඳ අනාවරණය කර ගැනීමට හැකි වූ බව නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සොරකම් සඳහා ආධාර අනුබල දුන් (41) හැවිරිදි නාවල, කොළඹගේ මාවත ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

කැලණිය, පිලියන්දල, මරදාන, කොල්ලුපිටිය වැනි ප්‍රදේශයන්හි දී සොරකම් කරන ලද ත්‍රිරෝද රථ තුනක් සහ යතුරුපැදි තුනක් සිදු කළ විමර්ශනවලදී අනාවරණය කරගත් කරුණු මත අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT