කළුතර උතුර පොලිස් වසමේ නිවාස දෙකකට සහ වෙළෙඳ සැලකට ඇතුළු වී රුපියල් ලක්ෂ දහයකට ආසන්න දේපොළ සොරා ගත් කළුතර බකලා අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය කියයි. එම සැකකරු එලෙස සොරා ගෙන තිබූ රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනා ලැප්ටොප් වර්ගයේ පරිගණක දෙකක්, ජංගම දුරකතන, රන් භාණ්ඩ, කිරිපිටි, දුම්වැටි, පොලිස් භාරයට ගෙන ඇත.
එම සොරකම් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී සැකකරු කළුතර කිතුලාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කීයයි. සොරකම් නඩු කිහිපයක් සම්බන්ධයෙන් වසර දොළහක කාලයක් සිරදඬුවම් විඳ නිදහස්ව පැමිණ තිබූ සැකකාර පුද්ගලයා ඉකුත් මාස දෙකක පමණ කාලය තුළදී කළුතර උතුර පොලිස් වසමේ නිවාස දෙකකට සහ වෙළෙඳසැලකට රාත්‍රී කාලයේ දී ඇතුළු වී මෙම සොරකම් සිදු කර තිබිණි.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී භාණ්ඩ කළුතර ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවලට උකස් තබා තිබියදී සෙසු භාණ්ඩ විවිධ වෙළෙඳසැල්වලට අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.