Home » උතුරු මැද පළාතේ තරුණ තරුණියන් රැකියාගත කිරීමට ඔස්ට්‍රේලියාවේ සහයෝගය

උතුරු මැද පළාතේ තරුණ තරුණියන් රැකියාගත කිරීමට ඔස්ට්‍රේලියාවේ සහයෝගය

by sachintha
August 5, 2023 5:49 am 0 comment

 

ඔස්ට්‍රේලියානු රජය අනුග්‍රහය දක්වන නිපුණතා වැඩසටහන (S4IG) අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගය සහිතව උතුරු මැද පළාතේ තරුණ තරුණියන්ට සංචාරක කර්මාන්තයට හා

ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට අදාළ කුසලතා හා දක්ෂතා වර්ධනය කිරීම මඟින් එම තරුණ තරුණියන්ට රැකියා

අවස්ථා උදා කර ගැනීමට සහයෝගය දක්වයි. එහි ඉදිරි පියවරක් ලෙස පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස් ලලිතා කපූර් මහත්මිය විසින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නවීකරණය කරන ලද සූපවේද පුහුණු මධ්‍යස්ථානය විවෘත කරන ලදී. එම අවස්ථාවට වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ මහතාද සහභාගී විය.

එහිදී අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහකොමසාරිස්වරිය විසින් ප්‍රකාශ කරනු ලැබුවේ මෙම පුහුණු

මධ්‍යස්ථානය වෘත්තීය සූපවේදීන් ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරැඹීමට අපේක්ෂා කරන තරුණ තරුණියන්ට

විශාල පිටිවහලක් වනු ඇති බවයි. “දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට ඔස්ට්‍රේලියාව දක්වන සහයෝගය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයේ නියුක්ත තරුණ තරුණියන්ගේ ගුණාත්මක කුසලතා සහ දක්ෂතා වර්ධනයට සුවිශාල සහායක් ලැබී තිබෙනවා.” යැයි කපූර් මහත්මිය පැවසීය. නවීන පන්නයේ සියලුම උපාංග හා උපකරණවලින් සමන්විතව නවීකරණය කරන ලද නව සූපවේද පුහුණු මධ්‍යස්ථානය හරහා කලාපයේ ආර්ථික සංවර්ධනයට සහ තරුණ තරුණියන්ගේ කුසලතා හා දක්ෂතා වර්ධනයට

සුවිශාල දායකත්වයක් ලැබෙනු ඇත. එසේම කාන්තාවන්ට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට තරුණ වෘත්තිකයන් වීමට අවස්ථාව උදා කර දීම මෙහි ප්‍රධාන ඉලක්කයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT