540
පොල්පිතිගම නාගොල්ල ප්රදේශයේදී ගින්නකට හසුවීමෙන් කාන්තාවක් මියගොස් තිබේ.
නිවසේ අවට අතුගා කුණූ රොඩුවලට ගිනිතබන අවස්ථාවේදී පැවැති සුළං තත්ත්වය මත අසල තිබූ මානා ගස්වලට ගින්න ඇවිලීමෙන් පසු එය නිවාදැමීමට උත්සාහ කිරීමේදී ඇයගේ ඇඳුමට ගිනි ඇවිළී ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි පොලිසිය සදහන් කරයි.
මියගොස් ඇත්තේ 70 හැවිරිදි ගලපිටමඩ, පොල්පතිගම ප්රදේශයේ පදිංචි කාන්තාවකි.
මෘතශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) සිදුකිරීමට නියමිතය.
පොල්පිතිගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.