Home » යුරියා ග්‍රැනියුලා පොහොර රැගත් නැවක් කොළඹට

යුරියා ග්‍රැනියුලා පොහොර රැගත් නැවක් කොළඹට

by chanaka
August 5, 2023 12:55 pm 0 comment

යුරියා ග්‍රැනියුලා (Granula)පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් සහිත නැවක් ඊයේ(04) රාත්‍රි කොළඹ වරායට පැමිණ තිබේ.

ලෝක බැංකු ආධාර යටතේ මෙම පොහොර තොගය වියට්නාමයේ සිට ආනයනය කර ඇත.

ඉදිරි වී වගා කටයුතු සඳහා මෙම පොහොර තොගය අවශ්‍ය ප්‍රදේශවලට බෙදාහරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.

ඒ අනුව එම පොහොර තොගය බෙදාහැරීම් කටයුතු අද (05) උදෑසන සිට ආරම්භ කළ බව සභාපතිවරයා පවසයි.

යුරියා ග්‍රැනියුලා වර්ගය යනු වී වගා කරන ගොවීන් වැඩිපුරම ඉල්ලන පොහොර විශේෂයකි.මෙම පොහොර කැටිති පොහොර ලෙසද සැලකේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT