යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දෙවන වසර සිසුවියක් විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාරයක් තුළදී ගෙල වැලලාගෙන පෙරේදා (03) මියගොස් තිබේ. මෙම සිසුවිය මන්නාරමේ පදිංචිකාරියක් වන අතර යාපනයේ කලට්ටි ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලයට අයත් සිසු නේවාසිකාගාරයක් තුළදී මෙසේ සිය දිවි හානි කරගෙන තිබේ.
තවත් සහෝදර සිසුවියන් පිරිසක් ඇය සමඟ මෙම නේවාසිකාගාරයේ වාසය කොට ඇති අතර ඔවුන් එහි නොමැති අවස්ථාවක් බලා සිසුවිය ලණුවකින් බාල්කයක එල්ලි සිය දිවි හානිකරගෙන තිබේ.
මියගිය සිසුවියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර කෝපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
උතුරු පළාත් විශේෂ
රසුල දිල්හාර ගමගේ