Home » හිමිනමක් පිස්කල් නිලධාරියකුට බැණ තර්ජනය කරලා

හිමිනමක් පිස්කල් නිලධාරියකුට බැණ තර්ජනය කරලා

by sachintha
August 5, 2023 12:30 am 0 comment

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල් නිලධාරීයෙකුට බැණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් හිමි නමක් අත්අඩංගුවට ගැනීමට කළුතර පොලිසිය කටයුතු කර තිබේ. මෙම හිමි නම කළුතර උතුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමක් බව පොලිසිය පවසයි.
මොරොන්තුඩුව ගෝනදූව ප්‍රදේශයේ පදිංචි, කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන පිස්කල් නිලධාරියෙක් විසින් කළ පැමිණිල්ලක් අනුව සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන තිබේ.
සිතාසියක් භාරදීම සඳහා ගොස් සිටියදී බැණ තර්ජනය කර ඇති බවත්, අයුතු අවහිරය යටතේ සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි. සැකකාර හිමිනම කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT