වාවිල්මඩ අලුත්ගංතොට පාරේ නිවෙසක මෙහෙකාර සේවයේ නිරතව සිටි බව පැවසෙන කාන්තාවක් එම නිවෙසේ තිබුණු රුපියල් එක්ලක්ෂ දසදහසක (110,000) මුදල් සොරාගෙන ඇති බවට නිවෙසේ හිමිකාරිය විසින් කටුගස්තොට පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. නිවෙසේ හිමිකාරිය ඇයගේ අත්බෑගය තුළ රුපියල් එක්ලක්ෂ හැටපන්දහසක මුදලක් දමා එය නිවෙසේ ඇඳක් මත තබා තිබියදී එහි තිබුණු මුදලින් රුපියල් පනස් පන්දහසක මුදලක් ඉතිරි කර ඉතිරි මුදල වන රුපියල් එක්ලක්ෂ දසදහස සොරාගෙන ඇති බවට ඇය විසින් කළ පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය පවසයි.
දෙල්තොට ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන 26 හැවිරිදි වියේ පසුවන සැකකාරිය අත්ඩඅංගුවට ගෙන ඇති අතර ඇය ඊයේ (04) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි.
කටුගස්තොට සමූහ – එස්.ජී.විජේරත්න