Home » දෙතැනකදී බීඩි කොළ මිටි 18ක් කොටු වෙයි

දෙතැනකදී බීඩි කොළ මිටි 18ක් කොටු වෙයි

by sachintha
August 5, 2023 12:09 am 0 comment

 

මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන්වා ඇතැයි සැකකරන බීඩි කොළ මිටි 15ක් වනාතවිල්ලුව පොලිසියේ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලැබී ඇති ඔත්තුවකට අනුව ඊයේ (04) අලුයම 1.00 ට පමණ වනාතවිල්ලුවට නොදුරු කළපු තීරයේ වසාදමා තිබූ ධීවර වාඩියක සඟවා තිබූ බීඩි කොළ මිටි 12ක් වනාතවිල්ලුව පොලිසිය විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
කවුරුන් හෝ මෙම බීඩි කොළ තොගය මුහුදු මාර්ගයෙන් ගෙන්වා මෙම ධීවර වාඩියේ සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැකකරයි. මේ අතර තවත් බීඩි කොළ මිටි 03ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් එම බීඩි කොළ මිටි තුනත් සමඟ නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම බීඩි කොළ මිටි තුනත් සමග කරතිව්හි දී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු පොම්පරිප්පුව පදිංචිකරුවෙකි.
වැඩිදුර විමර්ශන සඳහා එම බීඩි කොළ මිටිත් සමග සැකකරු වනාතවිල්ලුව පොලිසියට භාරදී ඇත.

පුත්තලම සමූහ
ක්‍රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT