Sunday, May 11, 2025
Home » හවායි මායූ දූපතේ ළැව් ගිනි පැතිරෙයි 36ක් ගින්නට බිලි

හවායි මායූ දූපතේ ළැව් ගිනි පැතිරෙයි 36ක් ගින්නට බිලි

by mahesh
August 11, 2023 1:00 am 0 comment

ශාන්තිකර සාගරයේ පිහිටි සුප්‍රකට සංචාරක පාරාදීසයක් වන හවායි දූපත් සමූහයට අයත් මායූ දූපතේ පෙරේදා හටගත් ළැව් ගින්න දරුණු අතට හැරී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අධික සුළං තත්ත්වයත් සමඟ වේගයෙන් පැතිරී යන ළැව්ගින්න හේතුවෙන් අවම වශයෙන් ඊයේ වන විට පුද්ගලයන් 36 දෙනකු ගින්නට බිලි වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.මායු දූපතේ ගොඩනැඟිලි, නිවාස සහ මෝටර් රථ විශාල සංඛ්‍යාවක් ගින්නෙන් විනාශ වී ඇති අතර, පවතින තත්ත්වය මත සිය නිවාසවලින් ඉවත් වන ලෙස මායූ බලධාරීන් ජනතාවට උපදෙස් දී තිබේ. මහ පරිමාණයේ සෝදිසි හා ගලවා ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක කර ඇති අතර, මායූ දූපතට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇතැයි වාර්තා වේ. ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන මායූ දූපත තවදුරටත් ආරක්ෂිත ස්ථානයක් නොවන බව හවායි ආණ්ඩුකාරවරිය වන සිල්වියා ලූක් ප්‍රකාශ කර තිබේ. ගිනි නිවන භටයන් දැඩි උත්සාහයක නිරතවූවද ගින්න පාලනය කිරීමට හැකියාවක් නැති බවත්, හෙලිකොප්ටර් යානා මඟින් ගින්නට ඉහළින් ජලය විසුරුවනු ලැබූවද කුණාටු සහිත සුළං තත්ත්වය ඊට බාධාවක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT