Home » පිළියන්දල චූටි පුතා අත්අඩංගුවට

පිළියන්දල චූටි පුතා අත්අඩංගුවට

by mahesh
August 11, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ

පිළියන්දල මණ්ඩාවල වැඩබිම් දෙකක් බිඳ රුපියල් ලක්ෂ 5කට අධික වටිනා ඉදිකිරීම් සඳහා යොදා ගන්නා විදුලි උපකරණ සොරාගත් “ පිළියන්දල චූටි පුතා” අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

සොරකම් සිදුකර ඇත්තේ මණ්ඩාවල ඉසුරු මාවත හා දෙවන මාවත ගබඩා දෙකකිනි

එම වැඩබිම්වල සේවකයන් ගම්බිම් බලා ගිය අවස්ථාවේදී සැකකරු ගබඩා කඩා මෙම දේපොළ සොරා ගෙන තිබූ බව පොලිසිය පවසයි.

තෝරාගෙන තිබූ ඩ්‍රිල් මැෂින්, ගයින්ඩර්, පෑස්සුම් යන්ත්‍රයක්, හිල්ටි යන්ත්‍රයක් ඇතුළු ඉතිරි උපාංග රැසක් සොරාගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරු සොරාගත් එම දේපොළ පිළියන්දල මිරිස්වත්ත සහ විශ්ව කලාව ප්‍රදේශවලට අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

සැකකරු මීට පෙරද සොරකම් කීපයකට සම්බන්ධව සිටි පුද්ගලයකු වන අතර, සොරාගත් දේපොළ විකුණා හොරයින් මත්කුඩු පානය කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT