Thursday, May 15, 2025
Home » ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති 15ක් ව්‍යවස්ථාවට අනුකූල නැහැ

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති 15ක් ව්‍යවස්ථාවට අනුකූල නැහැ

සම්මත කර ගන්න ජනමත විචාරණයක් ඕනෑ

by mahesh
August 11, 2023 1:00 am 0 comment

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතේ වගන්ති පහළොවක් ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (10) දැනුම් දුන්නේ ය.

ඒ මහතා මේ බව දැනුම් දුන්නේ එම කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රකාශයට පත් කරමිනි.

නියෝජ්‍ය කථානායකවරයා මෙසේ ද සඳහන් කෙළේය.

පනත් කෙටුම්පතේ 2, 3, 27, 29, 30, 31, 32, 33, 34, 35, 36, 37, 39, 40 සහ 41 වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 ව්‍යවස්ථාවට අනුකූල නොවන අතර 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරය සහ 83 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතාව අනුමත කරනු ලැබීමෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකියි.

එම වගන්තිවල ආයුර්වේදභෛසජ්ජක සහ භෛසජ්ජක යන වචන ඉවත් කිරීමෙන් සංශෝධනය කළහොත් අනනුකූලතාව අවසන් වෙනවා.

පනත් කෙටුම්පතේ 46 (4) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාවට අනුකූල නොවන අතර, 84 ව්‍යවස්ථාවේ (2) ඡේදය යටතේ අවශ්‍ය විශේෂ බහුතරයෙන් පමණක් සම්මත කරනු ලැබිය හැකියි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දක්වා ඇති සංශෝධන පනත් කෙටුම්පතට සිදු කළහොත් මෙම අනුකූල නොවන තත්ත්වය අවසන් වනු ඇති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT