Thursday, May 15, 2025
Home » ගුවන් හමුදා නිලධාරීන් දෙදෙ‍ෙනකු සමඟ කඩාවැටුණු ටී-සික්ස් යානය 2018 වසරේ නිෂ්පාදිත වූවක්
ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වැරදි තොරතුරු ඉදිරිපත් කරනවා

ගුවන් හමුදා නිලධාරීන් දෙදෙ‍ෙනකු සමඟ කඩාවැටුණු ටී-සික්ස් යානය 2018 වසරේ නිෂ්පාදිත වූවක්

by mahesh
August 11, 2023 1:00 am 0 comment

ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනකු සමඟ පසුගියදා අනතුරට ලක් වූ ටී – සික්ස් ගුවන් යානය 2018 වසරේ නිෂ්පාදිත වූවක් වන අතර, එම වර්ෂයේදීම මිලදී ගත් බව ඉතාම වගකීමෙන් යුතුව පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10) පැවසුවේය.

පාර්ලිමේන්තු විවාදය යන අතරතුර අමාත්‍යාංශයේ නිවේදන කිහිපයක් දැනුම් දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

ටී සික්ස් ගුවන්යානය කෞතුක වස්තුවක් බවට හඳුන්වමින් කෞතුකාගාරයේ තැබිය යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශ මුළුමනින්ම අසත්‍යයි. මේ සිදුවීමත් සමඟ ගුවන් හමුදාපතිවරයා අනතුර සිදු වූ ස්ථානයට ගියා. එම ස්ථානයේ අධීක්ෂණයෙන් පසුව ගුවන් යානයේ අනතුර ගැන සෙවීමට කමිටුවක් පත් කළා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් දෙදෙනකු පසුගියදා අනතුරකට ලක්වුණා. ආරක්ෂක අමාත්‍යාංශය විදියට එම සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම කනගාටුවට පත් වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT