Home » වටද්දර සුමනාරාමයේ පාරම්පරික වෙදකම අරඹා වසර 500ක් පිරීමට ඔසු උයනක් හදයි

වටද්දර සුමනාරාමයේ පාරම්පරික වෙදකම අරඹා වසර 500ක් පිරීමට ඔසු උයනක් හදයි

by mahesh
August 11, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ වාර්තාකරු

වේයන්ගොඩ වටද්දර සුමනාරාම පුරාණ විහාරස්ථානයේ නොමිලේ අක්ෂි රෝග ඇතුළු විවිධ රෝග පිළිබඳව පාරම්පරික වෛද්‍ය සේවාව ආරම්භ කර වසර පන්සීයක් පිරීම නිමිත්තෙන් විහාරාධිපති අක්ෂි වෛද්‍ය විශේෂඥ මාඉඹුලේ නන්දාරාම හිමියන්ගේ අනුශාසනා පරිදි දායක සභාවේ පූර්ණ අනුග්‍රහයෙන් ඔසු උයනක් නිර්මාණය කිරීමට පසුගියදා (06) ඔසු පැළ රෝපණය කිරීමේ උත්සවයක් පැවැත්විණි.

ඔසු උයනක් ආරම්භ කිරීමට සියලු දෙනා විශාල කැපකිරීමක් කළ බව විහාරාධිපති මාඉඹුලේ නන්දාරාම හිමියෝ ප්‍රකාශ කළහ.

වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති රන්පොකුණගම මහා විහාරයේ විහාරාධිපති බෝලියැද්දේ විමලානන්ද, කුරීකොටුව විහාරස්ථානයේ විහාරාධිපති කෙහෙල්බද්දර ධම්මානන්ද හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය ද ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාවේ සභාපති ආචාර්ය ඇම්. ඒ. ටී. දේශප්‍රිය මහතා ප්‍රමුඛ වෛද්‍යවරුන් පිරිසක් හා වේයන්ගොඩ පොලීසියේ පොලිස් නිලධාරීන් පිරිසක් ද ප්‍රධාන ආරාධිතයින් ලෙස මේ අවස්ථාවට එක්වූහ. දායක දායිකාවෝ හා දහම් පාසල් දරු දැරියෝ පිරිසක් ද මේ අවස්ථාවට සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT