Home » පාස්පෝට්වලට ඔන්ලයින් අයදුම්පත් 50,330ක්

පාස්පෝට්වලට ඔන්ලයින් අයදුම්පත් 50,330ක්

by mahesh
August 11, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඔන්ලයින් ක්‍රමය හරහා ඊයේ (10) පෙරවරු 8.30 වන විට ඔන්ලයින් අයදුම්පත් 50,330ක් ලැබී ඇතැයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා දිනමිණට පැවැසීය.

ඉන් 41588ක් සාමාන්‍ය සේවාව යටතේ අයදුම් කර ඇති අතර ඉන් සියලු ලේඛන සහිතව සම්පූර්ණ කළ අයදුම්පත් බවට භාරගෙන ඇත්තේ අයදුම්පත් 26972ක් වන අතර ඉන් විදේෂ ගමන් පලපත්ත්‍ර 6405ක් මේ වනවිට නිකුත් කර ඇත.

ලේඛන අඩුපාඩු සහිතව යොමු කරන ලද අයදුම්පත් 14676ක් සම්බන්ධයෙන් අයදුම්කරුවන් දැනුවත් කර අඩුපාඩු සහිත ලේඛන නැවත එවන ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා පැවැසීය.

කඩිනම් තුන්දින සේවාව යටතේ අයදුම්පත් 8742ක් ලැබී ඇති අතර තුන්දින සේවාව යටතේ ලැබුණු අයදුම්පවලින් 6521ක් සම්පූර්ණ කළ අයදුම්පත් ලෙස බාරගෙන ඉන් විදේශ ගමන් බලපත්‍ර 6405ක් මේ වනවිටත් නිකුත් කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඔන්ලයින් ක්‍රමය හරහා අයදුම්පත් යොමු කිරිමේදී නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත් යොමු කරන ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා අයදුම් කරුවන්ගෙන් ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT