Home » විගණකාධිපති නිර්දේශ යට ගහලා
චීනයෙන් බාල පෝර ගෙන්වීම:

විගණකාධිපති නිර්දේශ යට ගහලා

by mahesh
August 11, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

ගුණාත්මක බවින් තොර පොහොර ආනයනය කිරීමට අදාළව විගණකාධිපතිවරයා කර තිබෙන නිර්දේශ කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය. චීනයෙන් මේ පොහොර ආනයනය කිරීමට වගකිව යුතු නිලධාරීන්ට නඩු පවරන ලෙසට විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන පරීක්ෂණ වාර්තාවෙන් වන අතර එම වාර්තාව පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද මේ ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාද සඳහන් කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT