304
ගුණාත්මක බවින් තොර පොහොර ආනයනය කිරීමට අදාළව විගණකාධිපතිවරයා කර තිබෙන නිර්දේශ කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය. චීනයෙන් මේ පොහොර ආනයනය කිරීමට වගකිව යුතු නිලධාරීන්ට නඩු පවරන ලෙසට විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන පරීක්ෂණ වාර්තාවෙන් වන අතර එම වාර්තාව පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද මේ ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතාද සඳහන් කළහ.