Home » හෝමාගම රාත්‍රී මෙහෙයුමකදී ආහාර වෙළෙඳ සල් පහකට නඩු

හෝමාගම රාත්‍රී මෙහෙයුමකදී ආහාර වෙළෙඳ සල් පහකට නඩු

by mahesh
August 11, 2023 1:00 am 0 comment

මීගොඩ - බී.කේ. කත්‍රිආරච්චි

හෝමාගම නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල පවත්වාගෙන යන ආහාරපාන වෙළෙඳ සල් වැටලීමේ රාත්‍රී මෙහෙයුමකදී වෙළෙඳ ආයතන පහකට නීතිමය ක්‍රියා මාර්ග ගැනීමටත් තවත් වෙළෙඳ ආයතන හයකට රතු නිවේදන ලබා දීමටත් කටයුතු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම රාත්‍රී ආහාරපාන වෙළෙඳ ආයතන වැටලීමේදී ආපණශාලා 16ක්, බේකරි 05ක්, සුපිරි වෙළෙඳ සල් 06ක්, මස් මාංශ අලෙවි සල් 03ක් සහ ආහාරපාන ජංගම අලෙවි රථ 03ක් පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී මේදය, සීනි හා ලුණු සඳහා වර්ණ කේත නොමැතිව ආහාරපාන විකිණීම සහ විදේශයෙන් ආනයනය කර එම ලේබලය යටතේ පමණක් ආහාර ද්‍රව්‍ය අලෙවි කළ සුපිරි වෙළෙඳ සල් දෙකකටත්, පිසූ ආහාර අයිස්ක්‍රීම් සමඟ සහ නොපිසූ මස් මාළු එකම ශීතකරණයක තබා අලෙවිය පිණිස ගබඩා කිරීම, පියන් රහිත කසළ බඳුන් තබා තිබීම, ලේබලයක් රහිත ආහාරපාන භාවිත කිරීම සහ සනීපාරක්ෂාව උදෙසා තැන් නුසුදුසු පරිදි පවත්වාගෙන යාම යන චෝදනා යටතේ ආපණශාලා තුනකටක් නඩු පැවරීමට කටයුතු කළ බවද එම කාර්යාලය පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT