Home » රට විරුවන්ට නිවාස වාසි දැනටමත් අයදුම්පත් දහසක් ඇවිත් තමන්ගේ ඉඩමක නිවසක්

රට විරුවන්ට නිවාස වාසි දැනටමත් අයදුම්පත් දහසක් ඇවිත් තමන්ගේ ඉඩමක නිවසක්

-ඉඩමක් නැත්නම් නගරයෙන් පිට කැමැති ප්‍රදේශයක ගෙයක්

by sachintha
August 14, 2023 5:00 am 0 comment

එසේත් නැත්නම් මහල් නිවාසයක්

විදේශ සේවා නියුක්ති වෙබ් අඩවියෙන් සමීක්ෂණයක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතය.

ක්‍රමවේද 03 ක් ඔස්සේ මෙම නිවාස ඉදි කර දීමට අපේක්ෂිතය. ඉන් පළමු ක්‍රමවේදය සිය ඉඩමක නිවාසයක් ඉදිකර දීමයි. දෙවැන්න ඉඩම් නොමැති අයට නාගරික ප්‍රදේශයෙන් පිටත ඔවුන් කැමති ප්‍රදේශයක නිවාස ඉදිකර දීමයි. තුන්වන ක්‍රමවේදය වන්නේ මහල් නිවාස ඉදිකර දීමයි.

මේ නිවාස ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍ය සහයෝගය ලබා දෙන අතර, ඉදිකිරීම් කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතයි. මීට අදාළ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව විෂය භාර ඇමැතිවරුන් වන ප්‍රසන්න රණතුංග හා මනූෂ නානායක්කාර මහත්වරුන් විසින් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය මගින් නිවාස අවශ්‍යතාව ඇති විදෙස්ගත ශ්‍රමිකයන් පිළිබඳ ව සමීක්ෂණයක් සිදු කර ඇති අතර, ඊට අයදුම්පත් 1000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතැයි වාර්තා වේ. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ද මෙම නිවාස අවශ්‍යතාව සහිත විදේශගත ශ්‍රමික පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කටයුතු කෙරෙමින් පවතින බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT