Home » සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වාගේ අවසන් කටයුතු අද

සම්මානනීය ලේඛිකා අනුල ද සිල්වාගේ අවසන් කටයුතු අද

by sachintha
August 14, 2023 4:48 am 0 comment

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනි සහ සම්මානනීය ලේඛිකාවක් වූ අනුල ද සිල්වා මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මිය යන විට ඇය අසූතුන් වැනි වියේ පසුවූවාය.
දශක හයකට අධික කාලයක් තිස්සේ පොත් 125කට අධික සංඛ්‍යාවක් රචනා කර ඇති ඇය මිහිර, තරුණි, සිරිකත, වනිතා විත්ති ආදී කාන්තා සහ ළමා පුවත් පත් සහ සඟරා කිහිපයක කර්තෘ ලෙස කටයුතු කළාය.

ඇගේ දේහය අවසාන ගෞරවය දැක්වීම සඳහා ජයරත්න මල් ශාලාවේ තබා ඇති අතර අවසන් කටයුතු අද (14) බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.
අනුලා ද සිල්වා මහත්මිය 1941 ජනවාරි 27 වැනිදා අම්බලන්ගොඩ පොල්වත්ත ගම්මානයේදී උපත ලැබීය.

අනුල ද සිල්වා මහත්මිය සිය පළමු නවකතාව Òඋන්මත්තකයෝÓ ප්‍රකාශයට පත් කළේ 1964 දීය. ඉන්පසු ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් නිර්මාණාත්මක ලේඛන පිළිබඳ පුවත්පත් කලාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සම්පූර්ණ කළාය. අනුලා 1964 දී ගුරුවරියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. ඒ අතරම තරුණ ලේඛිකාවක් ලෙස ලේක්හවුස් ආයතනයට සම්බන්ධ වීමට ඇයට අවස්ථාව ලැබුණි. එමඟින් ඇය ÒමිහිරÓ හි පූර්ණ කාලීන ලේඛිකාවක් බවට පත් වූවාය.

1982 දී ඇය විජය නිවුස් පේපර්ස් හි කාන්තා සතිපතා පුවත් පතක් වන ÒසිරිකතÓ හි ප්‍රථම කර්තෘවරිය ලෙස සම්බන්ධ වූවාය. වසර කිහිපයකට පසු ඇය ශ්‍රී ලංකාවේ ජාතික තරුණ සේවා සභාවේ තරුණ සංවර්ධන කටයුතු සඳහා ඇගේ දායකත්වය ලබා දුන්නාය. 1986 දී ප්‍රවීණ ගත්කරු සෝමවීර සේනානායකගේ ලිට්ල් රෝස් ප්‍රකාශන සමාගමට සම්බන්ධ වූ ඇය එහි ළමා ප්‍රකාශනය වූ ÒහඳමාමාÓ පුවත් පත ආරම්භ කළාය. අනතුරුව නැවතත් විජය පුවත් සමාගමේ කාන්තා සතිපතා සඟරාව වන Òවනිතා විත්තිÓ ආරම්භ කිරීමට ඇරයුම් ලැබූ ඇය එහි ප්‍රථම කතෘවරිය විය. ඇය කාන්තාවන් පිළිබඳ ගුවන් විදුලි වැඩසටහන් මෙහෙයවීය.

නවකතා, පරිවර්තන සහ ළමා පොත් ඇතුළු පොත් 125කට වඩා ලියා ඇති ඇය සිය කාන්තා සතිපතා, ගුවන්විදුලි වැඩසටහන් සහ පොත්පත් කාන්තාවන් සහ ඔවුන්ගේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීමට සහ කාන්තාවන් ඔවුන්ගේ ගැටලුවලට ධෛර්යයෙන් මුහුණ දීමට ධනාත්මක ගුණාංග සහ සාරධර්ම වර්ධනය කර ගත යුතු ආකාරය භාවිත කළාය. ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමට කාන්තාවන්ට ශක්තියක් ඇති බව ඇය විශ්වාස කරයි. ඇයට අවශ්‍ය වන්නේ කාන්තාවන් තමන්ගේම ශක්තිය සොයා ගැනීමයි. ඇය සිය පරිවර්තන හරහා ලෝක සාහිත්‍යයේ නිර්භීත කාන්තා චරිත සිංහල පාඨකයන්ට හඳුන්වා දීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.
ලිට්ල් රෝස් ප්‍රකාශන සමාගමේදී “හඳමාමාÓ පුවත් පත සැලසුම් කරමින් සිටි අනුලා ද සිල්වා මහත්මිය පසුව එයින් ඉවත් වී Òවනිතා විත්තිÓ ආරම්භ කිරීමට විජය ප්‍රකාශන සමාගමට ගියාය.

මෝදර නිවාස සංකීර්ණයේ ජීවත් වූ ඇය, සම්ප්‍රදායික ලාංකික කාන්තා ප්‍රතිරූපයෙන් බැහැර වූ ස්වාධීන නිදහස් මතධාරිනියකි.
සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT