“දරිද්‍රතාවයෙන් මෙරට ගම්මානවල ජනතාව මුදවා ගැනීමේ අරමුණින්” කෝටි ගණන් මූල්‍යමය ආධාර රැගෙන හොංකොං රාජ්‍යයේ සිට අනුරාධපුර දිස්ත්‍රිකයේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 77 ලිඳවැව ගම්මානයට සහ 78 කනදරාව ගම්මානයට ඊයේ(13) සවස මහා සංඝරත්නය ප්රමුඛ දූත පිරිසක් පැමිණියේය.
කැලණි විශ්ව විද්‍යාලයේ පස්චාත් උපාධි ආයතනයේ අධ්යක්ෂ, මහාචාර්ය, මැදවච්චිය ධම්මජෝති හිමියන්ගේ ආරාධනයෙන් මෙම හොංකොං රාජ්‍යයේ දූත පිරිස පැමිණ ඇත. උන්වහන්සේගේ සම්බන්ධීකරණයට අනුව මේ වන විට මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයට පමණක් මෙම දූත පිරිස විසින් රුපියල් කෝටි 84 ක මූල්‍යමය ආධාර ලබා දීමට නියමිතය.
එහි පළමු අදියර ලෙස මේ වන විටත් මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් එම්.සී මලවිආරච්චි මහත්මියගේ පූර්ණ අධීක්ෂණයෙන් මැදවච්චියේ පවුල් 5000ට රුපියල් 35000 ස බැගින් මූල්‍යමය ආධාර බැංකු ගිණුම් වලට බැර කර ඇත.
මැදවච්චිය ප්‍රදේශයේ පවතින උග්‍ර වකුගඩු රෝගයෙට විසදුමක් ලබා දීමේ අරමුණින ජල පෙරණ යන්ත්රද ගම්මාන වල ස්ථාපිත කිරීම මෙම දූත පිරිස විසින් මේ වන විටත් ආරම්භ කර ඇත. එම එක් ජල පෙරණ යන්ත්‍රයක් ස්ථාපිත කරීම සඳහා රුපියල් ලක්ෂ 20 ක් වෙන් කර ඇත. ඒ අනුව ගම්මාන 103 ක මෙම ජල පෙරණයන්ත්ර ස්ථාපිත කිරීමට නියමිතව ඇත.
මෙම අවස්තාවට හොංකොං රාජයේ සිට සම්මානිත මහාචාර්ය කේ.එල් ධම්මජෝති මහානායක ස්වාමින්වහන්සේ, කැලණි විශ්ව විද්‍යාලයේ පස්චාත් උපාධි ආයතනයේ අධ්යක්ෂ, මහාචාර්ය, මැදවච්චිය ධම්මජෝති හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය, මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශිය ලේකම් එස්.කෞෂිගන් මහතා, මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී රත්නායක මහතා, සමෘද්ධි මුලස්ථාන කළමණාකාර රාහුල හේරත් මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් සහ ගම්වාසීන් සහභාගි වූහ.
මැදවච්චය – සජිත් ගයාන් උබේපාල