Home » අඩක් නිමකළ නිවාස 11,000කට සූර්ය එළියෙන් විදුලිය

අඩක් නිමකළ නිවාස 11,000කට සූර්ය එළියෙන් විදුලිය

by chanaka
August 14, 2023 12:01 pm 0 comment

සූර්ය එළියෙන් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ විදුලිය ලබාදීම සඳහා අඩක් නිමකළ නිවාස 11,000 ක් මේ වන විට තෝරාගෙන අවසන් බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කියයි.

අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති 15 කින් මෙම නිවාස 11,000 තෝරාගෙන තිබේ. මෙම ව්‍යාපෘති 2015 – 2019 අතර කාලයේ ක්‍රියාත්මක වු ඒවායි.

අඩු ආදායම්ලාභි නිවාස 25,000 ක් සඳහා සූර්ය පැනල මගින් විදුලිය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා කැබ්නට් අනුමැතිය ලැබී තිබු අතර අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතායි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා විදුලිබල හා බලශක්ත අමාත්‍යාංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

මෙහිදී අඩක් නිමකළ අඩුආදායම්ලාභී නිවාස 25,000 ක් තෝරා ගෙන අදාළ නිවාස ඉදිකර සූර්ය පැනල සවි කර දීමට යෝජනා කර තිබීණි. මේ වන විට තෝරා ගෙන ඇති අඩක් නිමකළ නිවාස 11,000 අමතරව තවත් නිවාස 14,000 ක් තෝරා ගැනීම ද මේ දිනවල සිදුවෙයි.

මෙම ව්‍යාපෘතිය මගින් නිවාස 25,000කට විදුලිය ලබාදීමට අමතරව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් එකතු කිරීමට ද අපේක්ෂිතය. ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 650 ක පමණ සෘජු ආයෝජනයක් සිදු කෙරේ. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400කට වැඩි මුදලක් ව්‍යාපෘතියේ දේශිය සැපයුම් සඳහා යොදා ගැනෙන අතර ඉතුරු මුදල ව්‍යාපෘතියේ විදේශීය ආනයන කටයුතු සඳහා යෙදීවීමට අපේක්ෂිතය. ව්‍යාපෘතිය මගින් වසරකට ගිගාවොට් 648 ක ප්‍රමාණයක විදුලිය ජනනය කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එම විදුලි උත්පාදනය හේතුවෙන් මෙරටට ඉන්ධන තෙල් ආනයනය කිරීමේ වාර්ෂික ඉතිරිය ඇමෙරිකානු ඩොලර් මිලියන 116.64 ක් ලෙස ගණන් බලා තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් අඩු ආදායම්ලාභි පවුල් වෙත ආධාර පදනමින් දියත් කළ නිවාස ව්‍යාපෘති රැසක් මූල්‍යමය ගැටළු මත අතරමග නැවතී ඇති අතර එවැනි නිවාස ඉදිකර අවසන් කිරීම සඳහා මෛ ව්‍යාපෘතියේ දී ප්‍රමුඛතාවය හිමිවනු ඇත. විශේෂයෙන්ම මොණරාගල, අම්පාර, මඩකලපුව, ත්‍රීකුණාමලය, පොළොන්නරුව, අනුරාධපුරය, වව්නියාව, මන්නාරම, මුලතිව්, කිළිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්ක 11 හි රජයේ ඉඩම් වල ගම්මාන වශයෙන් ආරම්භ කර ඇති මෙතෙක් ඉදිකර අවසන් නොමැති නිවාස ඉදිකිරිම් අවසන් කර සූර්යපැනල මගින් විදුලිය ලබාදීම පළමු අදියරේ දි සිදු කෙරෙනු ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT