413
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රෝහලක පැය 24ක් තුළ මරණ 18ක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ පිළිබද පුළුල් පරික්ෂණයක් මේ වන විට ක්‍රියාත්මක බව ද වාර්තා වෙයි.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ චත්‍රපාතී ශිවාජි මහාරාජ් රෝහලෙන් මෙම මරණ වාර්තා වෙයි.
මියගිය අය අතර කාන්තාවන් දස දෙනෙකු හා පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු ඇතුළත් වෙයි.
මියගිය දොළොස් දෙනෙකුම වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් වේ
මියගිය අය අතර වකුගඩු, අංශභාග, නිව්මෝනියා හා විෂ පානය කළ රෝගීන් බව ද වාර්තා වෙයි