ශ්‍රී ලංකාවේ නව කොරියානු තානාපති, මියොන් ලී (Miyon Lee) මහත්මිය සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ හමුවක් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සුහදතාව වර්ධනය කරගැනීම, ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා කොරියානු ව්‍යවසායකයන් වෙත අවස්ථාව උදා කර දීම, කොරියාවේ භාවිත කෙරෙන නවීන තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් මෙරට දුම්රිය සේවය හා ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය සඳහා උපයෝගි කරගැනීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට භාජනය විය.
නියෝජ්‍ය මෙහෙයුම් නිලධාරී ජුන්ග් සොහාන්ග්යී (Jung Sohngyee) මෙණෙවිය, පර්යේෂණ නිලධාරී බයෝන් ජොන්ග්හුන් (Byeon Jeonghun) මහතා සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස් වීරකෝන්, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩබ්.ඒ. ඩී. එස් ගුණසිංහ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ හමුවට එක්ව සිටියහ.
සුභාෂිණි සේනානායක