Home » මාලිමාව ඉන්දියාවට මිත්‍රත්වයේ දෑත් දිගු කරනවා

මාලිමාව ඉන්දියාවට මිත්‍රත්වයේ දෑත් දිගු කරනවා

by sachintha
August 14, 2023 4:41 am 0 comment

ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ හොඳ දැක්මක් සහිතව ගනුදෙනු කිරීමට සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ, කැලණිය ආසන සමුළුව අමතමිනි. එය පෙරේදා(12) හුණුපිටිය මංසන්ධියේදී පැවැත්විණි.

මේ රට විනාශ කළ, රට ප්‍රපාතයෙන් ප්‍රපාතයට ඇද දැමූ, මේ රට ලෝකය ඉදිරියේ බංකොලොත් රාජ්‍යයක් බවට පත් කළ, වංචාවේ දූෂණයේ කෙළ පැමිණි රාජ්‍යයක් බවට රට පත්කළ, දුප්පත්කමේ අසරණකමේ ගිලටීනයට රට තල්ලු කළ දූෂිත කණ්ඩායම්වලට එරෙහිව මේ රට ගොඩනැඟීමේ කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ මැච් එක ජාතික ජන බලවේගය ගහනවා. මේ රටට ඇති වි තිබෙන ව්‍යසනය පිළිබඳව අප හොඳාකාරවම දන්නවා. මේ තත්ත්වයෙන් රටේ ජනතාව මුදා ගන්න ඕනෙ. මෙම දූෂිත ක්‍රමය අපි වෙනස් කරන්නෙ නැත්නම් කවුද වෙනස් කරන්නෙ. අපිවත් මේ වෙලාවේ ඒ වැඩේ කරන්නෙ නැත්නම් එය කිසිවෙක් කරන්නෙ නැහැ. ජාතික ජන බලවේගය, දේශපාලන ව්‍යාපාරයක් ලෙස, ඉන්දියාව අපේ ආසන්නයේ පිහිටිමත්, ලංකාව ඉන්දියාවේ භූ දේශපාලන භූමියට ඇතුළත් වී තිබිමත් පිළිබඳව හොඳ දැක්මක් සහිතව අපි ඉන්දියාව සමඟ ගනුදෙනු කරන්න සූදානම්. මේ වන විට ඉතා සංකීර්ණ දේශපාලන තත්ත්වයන් නිර්මාණය වී තිබෙනවා. ලබන අවුරද්දේ ඔක්තෝබර් මාසෙ 17ට කලින් ජනාධිපති ඡන්දය තබන්න ඕනෙ. ලබන අගෝස්තු මුල ජනාධිපති ඡන්දයේ ප්‍රචාරක වැඩ කටයුතු යයිද මෙහිදී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT