Home » ප්‍රසූතියේ දී දරුවා බිමට වැටී මිය යයි

ප්‍රසූතියේ දී දරුවා බිමට වැටී මිය යයි

by yasara
August 14, 2023 8:02 am 0 comment

baby death

අනුරාධපුර ශික්ෂණ රෝහලේදී දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ තම දරුවා බිමට වැටී දින ගණනාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඊයේ (13) දින ජීවිතක්ෂයට පත්වූ බව එම දරුවාගේ මව පවසයි.

රඹෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත්  කල්ලංචිය ප්‍රදේශයේ අවුරුදු 35ක් පමණ වයසේ පසු වූ තක්ෂිලා උදයංගනී (මව), සිය දෙවන දරුවා බිහි කිරීම සඳහා ඉකුත්  10 වන දා කල්ලංචිය රෝහලට ඇතුළත් වී ඇත. පසුව එම රෝහලේ පවතින අඩුපාඩු හේතුවෙන් දරු ප්‍රසූතිය සඳහා ඇය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර කඩිනමින් දරු ප්‍රසූතිකාගාරයට ඇතුළත් කර තිබේ.

පසුව දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේදී ඊට සම්බන්ධ හෙදියක හෝ වෙනත් කිසිවකු නොසිටීම හේතුවෙන් දරුවා බිමට වැටුනු බවත්, එම අවස්ථාවේදී  අසලට පැමිණි හෙදියන් විසින් තම බිළිදාව කඩිනමින් දැඩිසත්කාර ඒකකයට කටයුතු කළ බවත්  එම බිළිඳාගේ මව වන තක්ෂිලා උදයංගනි මහත්මිය පවසයි.

ඉකුත්  10 වනදා දින සිට ඊයේ (13)  උදෑසන වන තෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිදා ජීවිතක්ෂයට පත්වූ බව ද එම මව වැඩිදුරටත් පැවසීය

මේ පිළිබද අදහස් දක්වමින් එම බිලිදාගේ පියා පවසන්නේ කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත්කම හේතුවෙන් තමන්ට සිය බිළිදාව අහිමි වූ බවයි. මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී සිදු නොවීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ද ඔහු කීය.

මෙම මරණය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාව සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සහ දැරුවද එය ව්‍යර්ථ  විය.

තිරප්පනේ සමුහ ඩී.ජේ දිසානායක

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT