Saturday, May 3, 2025
Home » විදෙස්ගත දමිළ ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලියෙක් රණවිරු සුබසාධනයට එක් වෙයි

විදෙස්ගත දමිළ ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලියෙක් රණවිරු සුබසාධනයට එක් වෙයි

by chanaka
August 14, 2023 9:31 am 0 comment

එංගලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික දමිළ ව්‍යාපාරිකයකු වන සුදන් මහතා සහ එම පවුලේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙරට රණවිරු සුබසාධනයට එක් වේ.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත්වන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එකොළොස් දෙනෙකු සඳහා රුපියල් 10,000 බැගින් රු 110,000 ක මුදලක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා අනුරාධපුරයේ පැවැත්වූ දිස්ත්‍රික් රණවිරු සංසද ජංගම වැඩසටහනට සමගාමීව සිදු කළේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතාගේ ආරාධනයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ රණවිරු පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පැවැත්වූ රණවිරු ජංගම වැඩසටහනේදී හදුනාගත් රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එකළොස් දෙනෙකු සදහා මෙම මුදල් පරිත්‍යාගය සිදු කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT