Tuesday, May 6, 2025
Home » උමාඔය ව්‍යාපෘතියේ ඩයරබා ජලාශය විවෘතකෙරේ

උමාඔය ව්‍යාපෘතියේ ඩයරබා ජලාශය විවෘතකෙරේ

by yasara
August 14, 2023 11:22 am 0 comment

roshan ransinghe

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉඳිකළ ඩයරබා ජලාශය ජලය පුරවා විවෘතකිරීම ඊයේ (13)  උදෑසන සිදුකෙරිණි.

උමාඔය බහුකාර්ය්‍ සංවර්ධන ව්‍යපෘතියට ජලය සපයන ඩයරබා ජලාශයට පිවිසෙන මාර්ගය සහ ප්‍රධාන මෙහෙයුම් මැදිරිය වාරිමාර්ග සහ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා විසින් සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ජලාශයට පිරිත් පැන් මුසුකර විවෘතකරන ලදි.

මෙම ව්‍යාපෘතිය යටතේ  බණ්ඩාරවෙල ප්‍රදේශවාසීන්ට පානීය ජලය සහ කෘෂිකර්මයට අවශ්‍ය ජලය ලබාදෙන අතර උමාඔය හරහා අලිකොටේආර,කුඩාඔය ජලාශ වලට ජලය ලබාදී පහළ ඌව ප්‍රදේශයේ කුඩා වැව් 100 ජලයෙන් පුරවනු ලබයි.

ඒ තුළින් කුඹුරු අක්කර පහළොස්දහසකට යල මහ දෙකන්නයේ ජලය සැපයෙන අතර වැල්ලවාය කිරිඳිඔය මිටියාවත් වල පදිංචි පවුල් සඳහා පානීය ජලය ලබාදීමටද නියමිතය.

මෙහිදී කුඩාඔය ජලාශය මඟින් හඳපානාගල ජලාශයේ ජල ධාරිතාවයද වර්ධනය වේ.

උමාඔය ව්‍යාපෘතිය තුළින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120 විදුලි ධාරිතාවක් එක්කෙරෙන අතර පවතින විදුලිබල අර්බුදයටද විශාල පිටුවහලක් වේ.

මෙම ව්‍යාපෘතිය 2008 වර්ෂයේදී ආරම්භ කෙරුණු අතර ඉරාන රජයේ “FARAB” ආයතනය ඉඳිකිරීම් සඳහා සහයෝගය ලබාදී ඇත.

ඩයරබා ජලාශය විවෘතකිරීමේ අවස්ථාවට වරාය නාවික හා සිවිල් ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා,ඉරාන රජයේ ශ්‍රීලංකා තානාපති හශේන් අස්ජසාඩේ,වාරිමාර්ග රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ,ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක,පා.ම සුදර්ශන දෙනිපිටිය,වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් යූ.ඩී.සී ජයලාල්, ෆරාබ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අලි වකිලි,උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඇලකන්ද යන මහත්වරු සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT