බන්ධනාගාර නිලධාරියෙකුට වැලිගම නගරයේදී බස්රථයක් තුළදි කිසියම් පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් තිදෙනෙකු (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් විසින් ඊයේ (13 ) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම මූලස්ථාන පොලිසිය කියයි .
එම සැකකරුවන් අතර ඉබ්බාවල ප්‍රදේශයේ පදිංචි වයස 23 පුද්ගලයකු හා අන්දුගොඩ ප්‍රදේශයේ පදිංචි වයස 19 පුද්ගලයෙක් සහ මුදුගමුව ප්‍රදේශයේ පදිංචි වයස 30 ක පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
ගාල්ල බන්ධනාගාරයට නියුක්තව සේවය කරනු ලබන බන්ධනාගාර නිලධාරියකු ඉකුත් 5 දින පස්වරුවේ දි සිය රාජකාරි කටයුතු නිමවා සිය නිවස වෙත යාම සඳහා ගාල්ල සිට මාතරට යාම සදහා බස් රථයක් මගින් පැමිණ තිබේ
එහිදී වැලිගම නගරයේදී නාඳුනන කිසියම් පිරිසක් විසින් එම නිලධාරියාට බස් රථය තුළදී පහරදී තිබූ බවත් එහිදී එම නිලධාරියා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ මත ඉකුත් 6 දින මිදිගම පදිංචි පුද්ගලයකු සහ පැලෑන ප්‍රදේශයේ පදිංචි කරුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබිණි .
මෙම පහරදීමට අදාළව පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන අතර එ අනුව පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු සහ පහරදීමට පැමිණි බවට සැක කෙරෙන ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් (13 ) දින අත්අඩංගුවට වැලිගම මූලස්ථාන පොලිසියට ඉදිරිපත් කොට තිබේ.
එම සැකකරුවන් වැලිගම පොලිසිය මගින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි