Tuesday, May 6, 2025
Home » පමාවෙන මොහොතක් පාසා පාලකයෝ මේ රට අගාධයට හෙළනවා

පමාවෙන මොහොතක් පාසා පාලකයෝ මේ රට අගාධයට හෙළනවා

by sachintha
August 15, 2023 4:35 am 0 comment

රට ගොඩනැඟිය හැකි ප්‍රබලම කණ්ඩායම ජාතික ජන බලවේගය සමඟ සිටින බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඔහු එසේ ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගයේ මොරටුව ආසන සමුළුව පෙරේදා(13) අමතමිනි. මොරටුව ආසනය සම්ප්‍රදායික ලෙස අපට ජයග්‍රහණය ගෙන දුන් ආසනයක් නොවෙයි. නමුත් මේ සමුළුව දෙස බැලූ විට පෙනෙන්නෙ සාම්ප්‍රදායික ජන පවුරු සියල්ල බිඳවට්ටවා ජාතික ජන බලවේගයේ කොඩිය මොරටුවෙන් ඉහළින්ම ඔසවා තිබෙන බවයි.

අපේ රටේ ජනතාවට මේ විදිහට තවදුරටත් ජීවත් වෙන්න බැහැ.

මේ රට වෙනස් කරන්න ඕනෑ. පමාවෙන මොහොතක් පාසා පාලකයෝ මේ රට අගාධයට හෙළනවා. අපි ගමන් කරමින් තිබෙන්නෙ මෙම පාලක කණ්ඩායම් දෙක විසින් අනුගමනය කරන ලද ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්තියේ අවසන් කඩඉමට. අපි ජනතාවට කියන්නෙ, සිටින පාලකයින් ප්‍රතික්ෂේප කිරීම විතරක් නොවේ. ගෙනෙන්නෙ කවුද කියා තෝරාගත යුතු බවයි. එළඹෙන ඕනෑම මැතිවරණයකදී ජයග්‍රහණය කරවන්න අවශ්‍ය, රට හදන, රට වෙනස් කරන ජාතික ජන බලවේගයයි.
උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT