355
දකුණු රුසියාවේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 35 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු රුසියාවේ ඩගිස්තාන් පළාතේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසල මෝටර් රථ අලුත්වැඩියා කරන ස්ථානයක නවතා තිබූ මෝටර් රථයක් ගිනි ගැනීමෙන් පසු එම ගින්න ඉන්ධන පිරවුම්හලට පැතිරී ගිය බවත්, අනතුරුව ඒ පසුපස පිහිටි දෙමහල් ගොඩනැගිල්ලට ගින්න පැතිරී ගිය බවත් වැඩිදුරටත් වාර්තා වේ.
තුවාල ලැබූ තවත් පුද්ගලයන් 66 දෙනකු රෝහල්ගත කර ඇති අතර, ඉන් 10 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. මිය ගිය අය අතර කුඩා දරුවන් ද සිටින බව වාර්තා වේ.