කතරගම පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය යටතේ ඉදිකරනු ලැබ ඇති රජයේ විශ්‍රාමශාලා ගොඩනැගිල්ල අවුරුදු 05ක කාලසීමාවක් සඳහා නඩත්තු කර පවත්වාගෙන යෑම පිණිස කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පවරා දී එකී කාලසීමාව ඉකුත්වීමෙන් අනතුරුව එම විශ්‍රාමශාලාව නැවත ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට භාර ගනු ලැබ ඇත. එකී විශ්‍රාමශාලා ගොඩනැගිල්ල නැවත කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට ලබා දෙන ලෙසට කතරගම රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම ගොඩනැගිල්ලේ නඩත්තුව, අලුත්වැඩියා කටයුතු සහ අදාළ ගිවිසුම්ගත සේවාවන් වෙනුවෙන් වන බිල්පත් කිරිවෙහෙර රජමහා විහාරස්ථානය නිරවුල් කිරීමට යටත්ව, අවබෝධතා ගිවිසුමක් මත වසර 05ක කාලසීමාවක් සඳහා එකී විශ්‍රාම ශාලාව කිරිවෙහෙර රජමහා විහාරස්ථානය වෙත ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
කතරගම රජයේ විශ්‍රාම ශාලාව වසර 5කට කිරිවෙහෙර රජමහා විහාරස්ථානයට පැවරීමට යෝජනාවක්
by mahesh
August 16, 2023 1:00 am
0 comment
569