ශ්රී ලංකා නාවික හමුදාව, කල්පිටිය සෙරක්කුලියාමුනෙයි කළපු ප්රදේශයේදී ඊයේ (15) දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්රෑම් හතකට (07) අධික තොගයක් රැගත් ඩිංගි යාත්රාවක් (01) සමඟ සැකකරුවෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙයි.
ශ්රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්රියාත්මක කරනු ලබයි.
නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන දෙකකට (02) අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 45 ක් වන සැකකරු කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01), කේරළ ගංජා කිලෝ හතයි (07) ග්රෑම් නවසිය පනස් පහක (955) පමණ තොගය සහ ඩිංගි යාත්රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙයි