Sunday, May 11, 2025
Home » කටුනායක ගුවන් තොටුපොළට නවීන සී.සී.ටී.වී කැමරා පාලන මධ්‍යස්ථානයක්

කටුනායක ගුවන් තොටුපොළට නවීන සී.සී.ටී.වී කැමරා පාලන මධ්‍යස්ථානයක්

by mahesh
August 18, 2023 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නවීන තාක්ෂණයෙන් යුතු සී.සී.ටී.වී කැමරා පාලන මධ්‍යස්ථානයක් සහ නව e-gate කවුන්ටර පිහිටුවන ලෙස මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (17) සහභාගි වූ අවස්ථාවේදී මේ උපදෙස් අදාළ නියෝජිතයන්ට දී තිබේ. එහිදී මගීන් පැමිණීමේ පර්යන්තයේ සහ පිටවීමේ පර්යන්තයේ පිහිටුවා ඇති ආගමන විගමන නිලධාරීන්ගේ කවුළු නිරීක්ෂණය කළ ටිරාන් අලස් මහතා,ගුවන් මගීන්ට කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාදීමට මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තත්ත්වයන්ට අනුකූලව ආගමන විගමන සේවා ලබාදිය හැකි භූමි සැලසුම ගැන සාකච්ඡා කළේය. එමෙන්ම නව e-gate කවුන්ටර පිහිටුවීම සම්බන්ධව ද මෙහිදී ටිරාන් අලස් මහතාගේ අවධානයට යොමු විය.

තවද නව සී.සී.ටී.වී කැමරා පාලන මධ්‍යස්ථානයක් පිහිටුවීමටද මෙහිදී මහජන ආරක්ෂක ඇමැතිවරයා උපදෙස් ලබා දුන්නේය.මේ කැමරා පද්ධතිය නව තාක්ෂණික මෘදුකාංග මගින් දත්ත විශ්ලේෂණය කළ හැකි ආකාරයෙන් යුක්ත වන බවද ඇමැතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

මේ නිරීක්ෂණ චාරිකාවට ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි,මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලක ,ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහත්වරුන් සහ ගුවන්තොටුපළ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT