Home » අතුරුදන් වූ කොළොන්නේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

අතුරුදන් වූ කොළොන්නේ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

by chanaka
August 19, 2023 1:31 pm 0 comment

arrest

කොළොන්න, බොරළුවඅයින ප්‍රදේශයේ අතුරුදන්ව සිටි බව කියන 49 හැවිරිදි සරත් කුමාර නැමැති ව්‍යාපාරිකයා දෙල්කඳ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම ව්‍යාපාරිකයාට සැඟව සිටීමට අධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

ඉකුත් 16වැනිදා කොළොන්න පොලිස් වසමේ දී වෑන් රථයකින් ගමන් කරමින් සිටි අදාළ ව්‍යාපාරිකයාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර ඔහුව පැහැරගෙන ගොස් ඇති බවට කොළොන්න පොලිසියට ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව මිරිහාන, දෙල්කඳ ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක රැදී සිටි අදාළ අතුරුදන් වූ තේ දළු ව්‍යාපාරිකයා සමඟ තවත් සැකකරුවන් දෙදෙනෙකු මෙලෙස මිරිහාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ව්‍යපාරිකයා සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකු සතුව තිබී ව්‍යාපාරිකයා විසින් ලබා දුන් රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක්, විවිධ බැංකු ගිණුම්වලට මුදල් බැර කරන ලද රිසිට්පත් කිහිපයක් හා ඔහු නුගේගොඩ ප්‍රදේශයට පැමිණි ත්‍රිරෝද රථයද පොලිසිය භාරයට ගෙන තිබේ.

මෙම පැහැර ගැනීම ව්‍යාපාරිකයා විසින්ම නිර්මාණය කරන ලද සැලසුම් සහගත සිද්ධියක් බව පොලිසිය විසින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාරදී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT