Home » කෝට්ටේදී සේවාමුක්ත භට සංගමයේ යෝජිත ගොඩනැඟිල්ලට මුල්ගල්

කෝට්ටේදී සේවාමුක්ත භට සංගමයේ යෝජිත ගොඩනැඟිල්ලට මුල්ගල්

by gayan
August 19, 2023 1:00 am 0 comment

ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ දිගුකාලීන අවශ්‍යතාවක් ඉටුකරමින් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් පෙරේදා (17) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ වෙන් කර ඇති භූමි කොටසක සේවාමුක්ත භට සංගමය සඳහා යෝජිත ගොඩනැඟිල්ලට මුල්ගල් තැබීය.

සේවාමුක්ත භට සංගමයේ නව කාර්යාලයකට ඉඩමක් ලබා ගැනීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ (විශ්‍රාමික) ජෙනරාල් ගුණරත්න මහතා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී සේවාමුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) මහතා විසින් පිළිගනු ලැබීය.

ආරක්ෂක ලේකම් ජෙනරාල් ගුණරත්න විසින් මහතා සේවාමුක්ත භට සංගමයේ 78 වැනි සංවත්සර උත්සවයේදී දුන් පොරොන්දුව ඉටු කරමින් පර්චස් 266ක භූමි ප්‍රමාණයක දෙමහල් ගොඩනැඟිලි සංකීර්ණයකට ආගමික වතාවත් සහ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සුබ මොහොතින් මුල්ගල තැබීය.

අපේක්ෂිත වටිනාකම රුපියල් මිලියන 60ක් පමණ වන මේ ව්‍යාපෘතිය අවසන් වන තෙක් ත්‍රිවිධ හමුදාව විසින් එහි ඉදිකිරීම් කටයුතු මෙහෙයවයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ආර්. එස්. වික්‍රමරත්න, සේවාමුක්ත භට සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් අජිත් සියඹලාපිටිය (විශ්‍රාමික) මහත්වරුන් සහ සේවාමුක්ත භට සංගමයේ නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT